Thursday, September 30, 2010

ජීගේන් ප්‍රවාරණය - Geegain Publishing

Geegain Publishing Service - ජීගේන් ප්‍රචාරණ සේවාව

ජීගේන් ප්‍රචාරණ සේවාව මගින් දැන්වීම් ප්‍රචාරකයෙකුට තම වෙබ් අඩවිය මගින් ආදායමක් උපයා ගත හැකිය. ජීගේන් ක්ලික් සහ ඉම්ප්‍රෙශන් යන දෙකටම ගෙවන බැවින් වෙනත් දැන්වීම්කරණ වැඩසටහන් පවත්වාගෙන යන වෙබ් අඩවිවලින් ගන්නා ආදායමට වඩා වැඩි ආදායමක් ඔබට ලබාගත හැකියි.

ජීගේන් දැන්වීම් කේතය ඔබ සතු නම් එය ඔබගේ ඕනෑම වෙබ් පිටු සංඛ්‍යාවකට මෙන්ම ඔබ සතු ඕනෑම වෙබ් අඩවි සංඛාවකට සහ බ්ලොග්වලට ඇතුලත් කල හැකියි. නමුත්, ජීගේන් කොන්දේසි පිළිපැදීම අනිවාර්ය්‍ය වේ. එබැවින් ජීගේන් කොන්දේසි පිළිබඳව ප්‍රවාරකයන් දැනුවත් වීම ඉතා වැදගත් වෙයි. ජීගේන් විසින් දැන්වීම් ප්‍රචාරණයට සුදුසු වෙබ් අඩවි පමණක් ජීගේන් විසින් අනුමත කරනු ලබයි.

Tuesday, September 14, 2010

ජීගේන් දැන්වීම් - Geegain Advertising

දැන්වීම්කරුවන්ට ඇති තෝරා ගැනිම් - Advertiser's Options

දැන්වීම්කරුවන්ට ඉහළ පුතිපල ගැනීමට තෝරාගත හැකි ක්‍රම රැසක් ජීගේන් විසින් ඉදිරිපත් කර ඇත.

  • Campaign - කැම්පේන්

    දැන්වීම්කරුවන්ට Geo-targeting & Time Scheduling - තම දැන්වීම් පුදර්ශණය කල යුතු රටවල්, දින හා වේලාවන් තෝරා ගැනීමට ජීගේන්හි ඉඩ ප්‍රස්ථාව ඇත. තම දැන්වීම් ලොව සියළු රටවල්වල ප්‍රදර්ශනය කල යුතුද, නැතහොත් තෝරාගත් ගත් රටවල් කිහිපයකට සීමා කිරීමට හෝ තමන් විසින් තෝරාගත් එක් රටකට වුවද ප්‍රදර්ශනය කල හැකිය. එමගින් අනවශ්‍ය ක්ලික් සහ ඉම්ප්‍රෙෂන්ස් මගින් දැන්වීම්කරුවන්ගේ මුදල් අපතේ යෑම වලක්වා ගත හැකිය. එසේම තම දැන්වීම් සඳහා Daily Budget - දිනකට වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල කොපමණද යන්නත් දැන්වීම්කරුවෙකුට තීරණය කල හැකිය.

  • Creating an Advertisement - දැන්වීම් නිර්මාණය

    තම දැන්වීම Text Ad - අකුරු සහිත දැන්වීමක්ද, නැතහොත් Image Ad - පිංතූර දැන්විමක්ද යන්න මුලින්ම තෝරා ගත යුතුය. Image Ad එකක් නම්, එහි ප්‍රමාණය තෝරාගෙන එය අප්ලෝඩ් කර ගත යුතුය. Text Ad එකක් නම්, එය ආකර්ශණීය ලෙස හා තම වෙබ් පිටුවට අදාල අයුරින් නිර්මාණය කල යුතුය. ඉන් අනතුරුව එම දැන්වීමට Click - ක්ලික් එකක් සඳහා ගෙවීමට බලාපොරොත්තු වන මුදල හෙවත් Bid සදහන් කල යුතුය. එසේම ඒ සදහා Keywords ඇතුලත් කල යුතු අතර, එම දැන්වීම ප්‍රදර්ශණය කල යුතු වන්නේ Keywordsවලට අදාලව - Relevancy පමණක්ද, නැතහොත් අදාළත්වයට මුලු තැන ලබා දෙමින් සෙසු ස්ථානවලදීත් ප්‍රදර්ශනය කල යුතුද යන්න තෝරාගත හැකිය.

  • Ad Variants - දැන්වීම් විවිධත්වය

    ඉහත තෝරාගැනීම්වලට අනුකූලව Text / Image පමණක් වෙනස් කරමින් විවිධත්වයෙන් යුතු දැන්වීම් කිහිපයක් -Ad Variants සාදා ගැනීමටද ජීගේන් තම දැන්වීම්කරුවන්ට අවස්ථාව සළසා දි ඇත.


    ඒ අනුව Advertiser - දැන්වීම්කරුවෙකු යටතේ තමන් කැමති ඕනෑම Campaign - කැම්පේන් ප්‍රමාණයක්ද, Campaign එකක් යටතේ තමන්ට අවශ්‍ය ඕනෑම Advertisements - දැන්වීම් ප්‍රමාණයක්ද, Advertisement යටතේ ඔබ කැමති Ad Variants - විවිධත්වයෙන් යුතු දැන්වීම්, ඕනෑම ප්‍රමාණයක් සාදා ගැනීමට ජීගේන් තම දැන්වීම්කරුවන්ට අවකාශ ලබා දී ඇත.

Monday, September 13, 2010

ජීගේන් දැන්වීමකරණ වැඩසටහන - Geegain Advertising Program

ජීගේන් දැන්වීමකරණ වැඩසටහන හා සම්බන්ධවීමට ජීගේන් පරිශීලක ගිණුමක් - Geegain User Account එකක් හිමි ඕනෑම කෙනෙකුට පුළුවනි. මෙය ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. Advertising -දැන්වීම්කරණය, Publishing - ප‍්‍රචාරණය හා Referring - හඳුන්වාදීම යනු එම ප‍්‍රධාන කොටස් තුනයි.
  1. Advertising - දැන්වීම්කරණය යනු ජීගේන් විසින් පවත්වාගේන යන ඔන්ලයින් දැන්වීම් සේවාවකි. මෙය වෙබ් අඩවියක් හිම් ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත්ය. මෙමගින් තම දැන්වීම් ක්ෂණිකව ලොව හැම තැනකටම එකවර ප්‍රදර්ශණය කල හැක. Geegain Advertising service - ජීගේන් දැන්වීමකරණ සේවාව හැම විටම දැන්වීම්කරුවන්ට උසස් සේවාවක් සැපයීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබයි. ජීගේන් හි දැන්වීම්කරුවන්ට තම දැන්වීම් හසුරුවා ගැනීමට විවිධ විශේෂාංග ඇත. අවම මුදලකින් දැන්වීම් පලකිරීමට හා ව්‍යාජ Clicks සහ Impressions මගින් දැන්වීම්කරුවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනු ලබයි.
  2. Publishing - ප‍්‍රචාරණය යනු තම වෙබ් අඩවිය මගින් දැන්වීම් ප්‍රචාරණය කිරීමයි. එමගින් ඔබට ආදායමක් උපයා ගත හැකි අතර, ජීගේන් විසින් ඔබගේ වෙබ් අවකාශයට හොඳ වටිනාකමක් ලබා දෙයි. ජීගේන් Publishing Code එක තම වෙබ් අඩවියට ඇතුලත් කල මොහොතේ පටන් ඔබට ඉපැයීමට පුළුවන. ජීගේන් විසින් ඔබේ වෙබ් පිටුවල අන්තර්ගතයට අණුතූල වන දැන්වීම් ප්‍රදර්ශනය කෙරේ. ජීගේන් දැන්වීම්කරුවන්ගේ CPC - Cost Per Clicks දැන්වීම්වලට Clicks සඳහාද, CPM - Cost Per Impressions දැන්වීම්වලට Impression සඳහාද ජීගේන් ගෙවීම් කරනු ලබයි. දැන්වීම්කරුවන් විසින් ගිවිස ගන්නා මුදලින් 40% සිට 80% දක්වා ජීගේන් විසින් ගෙවනු ලබයි.
  3. Referring - හඳුන්වාදීම යනු ජීගේන් විසින් මෙහෙයවනු ලබන භාණ්ඩ හෝ සේවාවන් හඳුන්වාදීමේ වැඩ සටහනකි. මෙමගින් වෙබ් අඩවි ඇති නැති හැමෝටම ඉහළ ආදායමක් උපයා ගත හැකිය. වෙබ් අඩවි හෝ බ්ලොග් තිබෙන අයට ඊට අදාළ විස්තර හා දැන්වීම් ප්‍රචාරය මගින්ද, සෙසු අයට ඊ-මේල් මගින්ද මෙමගින් ආදායම් උපයා ගත හැකිය. ජීගේන් Referral Program එක වෙනත් තරඟකාරී හඳුන්වාදීමේ වැඩසටහන් අභිබවා යන්නකි. මෙයට සම්බන්ධ වූ මොහොතේ පටන් ඉපැයිය හැකි අතර ආකර්ශණිය වට්ටම්ද හිමි වේ.

Tuesday, September 7, 2010

ජීගේන් සපයන අනෙකුත් සේවාවන් - Geegain Services

ජීගේන් සෙවුම් යන්ත්‍රවලට අමතරව තවත් සේවාවන් කිහිපයක් මේ වන විට ඉදිරිපත් කර තිබේ. මින් වඩාත් කැපී පෙනෙන සේවාවන් දෙකක් වන ජීගේන් වෙබ් සංඛ්‍යාලේඛණ සේවාව (Geegain Statistics Service) සහ දිගු වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව (Geegain URL Shortener Service) හඳුන්වාදිය හැකිය. එසේම ජීගේන් දැන්වීම්කරණ වැඩ සටහන (Geegain Advertising Service) ලොව බොහෝ දෙනෙක් සම්බන්ධ වී සිටින වැඩසටහනකි.
  • ජීගේන් වෙබ් සංඛ්‍යාලේඛණ සේවාව - Geegain Statistics Service එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩ සටහනකි. ජීගේන් පරිශීලක ගිණුමක් ඔබ සතුනම් එහි තිබෙන Stats යන දිතුව ඔස්සේ ඔබගේ Stats Code එක ලබා ගත හැකිය. එය ඔබගේ වෙබ් අඩවියේ Header එකේ හෝ Footer එකේ ඇතුළත් කර ගතහොත්, ඔබගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්නන් පිළිබඳ තොරතුරු රැසක් බලා ගත හැකිය.
  • ජීගේන් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව - Geegain URL Shortener Service එකද අන්තර්ජාලය පරිශීලනය කරන සියළු දෙනාටම පාහේ අවශ්‍ය කරන සේවාවකි. විශේෂයෙන්ම Facebook සහ Twitter භාවිතා කරන අයට කිසියම් post එකකට ඇතුළත් කල හැකි වචන සංඛ්‍යාව සීමා සහිත වේ. එම අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කිරීමට තිබෙන දිගු ලිපිණය ජීගේන් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාව කෙටිකර ගත හැකිය. Geega.in යන වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන්නේ මෙවැනි කෙටි ලිපිනයකි. Shortened URLs will looks like: geega.in/Ab3d
  • ජීගේන් දැන්වීම්කරණ වැඩ සටහන - Geegain Advertising Service එක වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් අඩු මුදලකින් තම ප්‍රචාරණ කටයුතු කර ගැනීමට ඉවහල් වේ. Advertiser කෙනෙකුට Online Advertising සේවාවන් සපයන වෙනත් තරඟකාරී වෙබ් අඩවිවල ඇති සියළු පහසුකම් සහ ඊට අමතර වූ විශේෂාංගවලින්ද ජීගේන් සමන්විත වේ. තම වෙබ් අඩවි මගින් මුදල් ඉපයීමට අයට ජීගේන් Publisher සේවාව මහෝපකාරී‍ වේ.
  • තවත් නව සේවා රැසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ජීගේන් බලාපොරොත්තු වේ. ඒවා පිළිබඳ විස්තර http://about.geegain.com යන දිගුව ඔස්සේ බලා ගත හැකිය.

Geegain.com - ජීගේන් ඩොට් කොම් හඳුනාගනිමු


ජීගේන් යනු සෙවුම් යන්ත්‍රයකි. එය වෙබ් සර්ච් එකකින් සහ ඉමේජ සර්ච් එකකින් සමන්විතයි. මේ වන විට ඒවායෙහි මිලියන ගණනක් තොරතුරු අඩංගුව ඇත. එම නිසා ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයා ගැනීමට එහිදී පුළුවන. එන්න අපි අපේම සෙවුම් යන්ත්‍රයකින් තොරතුරු සොයමු. Click for Geegain

Geegain Search Engine එ‍ක පළමුවරට අපි ඉදිරිපත් කරන කාලයේ එහි Search Results ගණන අතිමහත් නොවිනි. එහෙත් Search Engine එකක් තැනීම සඳහා අප විසින් ගන්නා ලද උත්සාහයට දේශීය හා විදේශීයව ටික දෙනෙක් විසින් ප්‍රශංසා කලමුත්, බොහෝ අය අපගේ උත්සාහය නොසළකා හැර තිබුනි. මුල් කාලයේදී එනම් එය ගොඩනගමින්තිබූ අවධියේදී ජීගේන් යනු ගූගල් කොපි කරන්න ගත් බොළඳ උත්සායක් ලෙස එහි ප්‍රාථමික තත්වය තේරුම් නොගත් සමහර ‍බ්ලොග් ලියන්නන් ලියා තිබුන බව මට මතකය. එහි තිබූ අඩු-පාඩු දුර්වලකම් ලෙස හුවා දක්වමින් ලෝකයේ ඉහළම, බිලියනාධිපති සමාගම් සමග ජීගේන් සසඳා තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ අපි අවම පහසුකම් යටතේ වුවත් හොඳ වැඩක් කරන්න උත්සහාකරන බව මේ වන විට තිබෙන අපගේ Geegain Search Engine එ‍කට පිවිසෙන අයට වැටහෙනු ඇතැයි අපි සිතන්නෙමු.

Click here for Geegain Web Search & Image Search

මේ වන විට ජීගේන් පියවර ගණනාවක් ඉදිරියට විත්, අන්තර්ජාලය පිරික්සන අයට තවත් පහසුකම් රැසක් සපයන වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර ඇත.