Tuesday, September 14, 2010

ජීගේන් දැන්වීම් - Geegain Advertising

දැන්වීම්කරුවන්ට ඇති තෝරා ගැනිම් - Advertiser's Options

දැන්වීම්කරුවන්ට ඉහළ පුතිපල ගැනීමට තෝරාගත හැකි ක්‍රම රැසක් ජීගේන් විසින් ඉදිරිපත් කර ඇත.

  • Campaign - කැම්පේන්

    දැන්වීම්කරුවන්ට Geo-targeting & Time Scheduling - තම දැන්වීම් පුදර්ශණය කල යුතු රටවල්, දින හා වේලාවන් තෝරා ගැනීමට ජීගේන්හි ඉඩ ප්‍රස්ථාව ඇත. තම දැන්වීම් ලොව සියළු රටවල්වල ප්‍රදර්ශනය කල යුතුද, නැතහොත් තෝරාගත් ගත් රටවල් කිහිපයකට සීමා කිරීමට හෝ තමන් විසින් තෝරාගත් එක් රටකට වුවද ප්‍රදර්ශනය කල හැකිය. එමගින් අනවශ්‍ය ක්ලික් සහ ඉම්ප්‍රෙෂන්ස් මගින් දැන්වීම්කරුවන්ගේ මුදල් අපතේ යෑම වලක්වා ගත හැකිය. එසේම තම දැන්වීම් සඳහා Daily Budget - දිනකට වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල කොපමණද යන්නත් දැන්වීම්කරුවෙකුට තීරණය කල හැකිය.

  • Creating an Advertisement - දැන්වීම් නිර්මාණය

    තම දැන්වීම Text Ad - අකුරු සහිත දැන්වීමක්ද, නැතහොත් Image Ad - පිංතූර දැන්විමක්ද යන්න මුලින්ම තෝරා ගත යුතුය. Image Ad එකක් නම්, එහි ප්‍රමාණය තෝරාගෙන එය අප්ලෝඩ් කර ගත යුතුය. Text Ad එකක් නම්, එය ආකර්ශණීය ලෙස හා තම වෙබ් පිටුවට අදාල අයුරින් නිර්මාණය කල යුතුය. ඉන් අනතුරුව එම දැන්වීමට Click - ක්ලික් එකක් සඳහා ගෙවීමට බලාපොරොත්තු වන මුදල හෙවත් Bid සදහන් කල යුතුය. එසේම ඒ සදහා Keywords ඇතුලත් කල යුතු අතර, එම දැන්වීම ප්‍රදර්ශණය කල යුතු වන්නේ Keywordsවලට අදාලව - Relevancy පමණක්ද, නැතහොත් අදාළත්වයට මුලු තැන ලබා දෙමින් සෙසු ස්ථානවලදීත් ප්‍රදර්ශනය කල යුතුද යන්න තෝරාගත හැකිය.

  • Ad Variants - දැන්වීම් විවිධත්වය

    ඉහත තෝරාගැනීම්වලට අනුකූලව Text / Image පමණක් වෙනස් කරමින් විවිධත්වයෙන් යුතු දැන්වීම් කිහිපයක් -Ad Variants සාදා ගැනීමටද ජීගේන් තම දැන්වීම්කරුවන්ට අවස්ථාව සළසා දි ඇත.


    ඒ අනුව Advertiser - දැන්වීම්කරුවෙකු යටතේ තමන් කැමති ඕනෑම Campaign - කැම්පේන් ප්‍රමාණයක්ද, Campaign එකක් යටතේ තමන්ට අවශ්‍ය ඕනෑම Advertisements - දැන්වීම් ප්‍රමාණයක්ද, Advertisement යටතේ ඔබ කැමති Ad Variants - විවිධත්වයෙන් යුතු දැන්වීම්, ඕනෑම ප්‍රමාණයක් සාදා ගැනීමට ජීගේන් තම දැන්වීම්කරුවන්ට අවකාශ ලබා දී ඇත.

No comments:

Post a Comment