Tuesday, September 7, 2010

Geegain.com - ජීගේන් ඩොට් කොම් හඳුනාගනිමු


ජීගේන් යනු සෙවුම් යන්ත්‍රයකි. එය වෙබ් සර්ච් එකකින් සහ ඉමේජ සර්ච් එකකින් සමන්විතයි. මේ වන විට ඒවායෙහි මිලියන ගණනක් තොරතුරු අඩංගුව ඇත. එම නිසා ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයා ගැනීමට එහිදී පුළුවන. එන්න අපි අපේම සෙවුම් යන්ත්‍රයකින් තොරතුරු සොයමු. Click for Geegain

Geegain Search Engine එ‍ක පළමුවරට අපි ඉදිරිපත් කරන කාලයේ එහි Search Results ගණන අතිමහත් නොවිනි. එහෙත් Search Engine එකක් තැනීම සඳහා අප විසින් ගන්නා ලද උත්සාහයට දේශීය හා විදේශීයව ටික දෙනෙක් විසින් ප්‍රශංසා කලමුත්, බොහෝ අය අපගේ උත්සාහය නොසළකා හැර තිබුනි. මුල් කාලයේදී එනම් එය ගොඩනගමින්තිබූ අවධියේදී ජීගේන් යනු ගූගල් කොපි කරන්න ගත් බොළඳ උත්සායක් ලෙස එහි ප්‍රාථමික තත්වය තේරුම් නොගත් සමහර ‍බ්ලොග් ලියන්නන් ලියා තිබුන බව මට මතකය. එහි තිබූ අඩු-පාඩු දුර්වලකම් ලෙස හුවා දක්වමින් ලෝකයේ ඉහළම, බිලියනාධිපති සමාගම් සමග ජීගේන් සසඳා තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ අපි අවම පහසුකම් යටතේ වුවත් හොඳ වැඩක් කරන්න උත්සහාකරන බව මේ වන විට තිබෙන අපගේ Geegain Search Engine එ‍කට පිවිසෙන අයට වැටහෙනු ඇතැයි අපි සිතන්නෙමු.

Click here for Geegain Web Search & Image Search

මේ වන විට ජීගේන් පියවර ගණනාවක් ඉදිරියට විත්, අන්තර්ජාලය පිරික්සන අයට තවත් පහසුකම් රැසක් සපයන වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර ඇත.

No comments:

Post a Comment