Monday, September 13, 2010

ජීගේන් දැන්වීමකරණ වැඩසටහන - Geegain Advertising Program

ජීගේන් දැන්වීමකරණ වැඩසටහන හා සම්බන්ධවීමට ජීගේන් පරිශීලක ගිණුමක් - Geegain User Account එකක් හිමි ඕනෑම කෙනෙකුට පුළුවනි. මෙය ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. Advertising -දැන්වීම්කරණය, Publishing - ප‍්‍රචාරණය හා Referring - හඳුන්වාදීම යනු එම ප‍්‍රධාන කොටස් තුනයි.
  1. Advertising - දැන්වීම්කරණය යනු ජීගේන් විසින් පවත්වාගේන යන ඔන්ලයින් දැන්වීම් සේවාවකි. මෙය වෙබ් අඩවියක් හිම් ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත්ය. මෙමගින් තම දැන්වීම් ක්ෂණිකව ලොව හැම තැනකටම එකවර ප්‍රදර්ශණය කල හැක. Geegain Advertising service - ජීගේන් දැන්වීමකරණ සේවාව හැම විටම දැන්වීම්කරුවන්ට උසස් සේවාවක් සැපයීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබයි. ජීගේන් හි දැන්වීම්කරුවන්ට තම දැන්වීම් හසුරුවා ගැනීමට විවිධ විශේෂාංග ඇත. අවම මුදලකින් දැන්වීම් පලකිරීමට හා ව්‍යාජ Clicks සහ Impressions මගින් දැන්වීම්කරුවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනු ලබයි.
  2. Publishing - ප‍්‍රචාරණය යනු තම වෙබ් අඩවිය මගින් දැන්වීම් ප්‍රචාරණය කිරීමයි. එමගින් ඔබට ආදායමක් උපයා ගත හැකි අතර, ජීගේන් විසින් ඔබගේ වෙබ් අවකාශයට හොඳ වටිනාකමක් ලබා දෙයි. ජීගේන් Publishing Code එක තම වෙබ් අඩවියට ඇතුලත් කල මොහොතේ පටන් ඔබට ඉපැයීමට පුළුවන. ජීගේන් විසින් ඔබේ වෙබ් පිටුවල අන්තර්ගතයට අණුතූල වන දැන්වීම් ප්‍රදර්ශනය කෙරේ. ජීගේන් දැන්වීම්කරුවන්ගේ CPC - Cost Per Clicks දැන්වීම්වලට Clicks සඳහාද, CPM - Cost Per Impressions දැන්වීම්වලට Impression සඳහාද ජීගේන් ගෙවීම් කරනු ලබයි. දැන්වීම්කරුවන් විසින් ගිවිස ගන්නා මුදලින් 40% සිට 80% දක්වා ජීගේන් විසින් ගෙවනු ලබයි.
  3. Referring - හඳුන්වාදීම යනු ජීගේන් විසින් මෙහෙයවනු ලබන භාණ්ඩ හෝ සේවාවන් හඳුන්වාදීමේ වැඩ සටහනකි. මෙමගින් වෙබ් අඩවි ඇති නැති හැමෝටම ඉහළ ආදායමක් උපයා ගත හැකිය. වෙබ් අඩවි හෝ බ්ලොග් තිබෙන අයට ඊට අදාළ විස්තර හා දැන්වීම් ප්‍රචාරය මගින්ද, සෙසු අයට ඊ-මේල් මගින්ද මෙමගින් ආදායම් උපයා ගත හැකිය. ජීගේන් Referral Program එක වෙනත් තරඟකාරී හඳුන්වාදීමේ වැඩසටහන් අභිබවා යන්නකි. මෙයට සම්බන්ධ වූ මොහොතේ පටන් ඉපැයිය හැකි අතර ආකර්ශණිය වට්ටම්ද හිමි වේ.

No comments:

Post a Comment